Powered by Blogger.
RSS

රාජ්‍ය කළමනාකරණ සහකාර සේවය යනු .....

2004.01.01 දින දක්වා පැවතියා වූ සරප් සේවය, සාමාන්‍ය ලිපිකාර සේවය, ලඝු ලේකඛ සේවය, රජයේ යතුරු ලේකඛ සේවය, රජයේ පොත් තබන්නා සේවය, රජයේ ගබඩා භාරකාර සේවය යන සේවාවන් ඒකාබද්ධ කර රාජ්‍ය කලමනාකරණ සහකාර සේවය පිහිටවනු ලැබීය.
පහත දැක්වෙන සේවාවන්හි සේවා ව්‍යවස්ථා වෙනුවට 2004.12.24 දින නිකුත් කරන ලද අංක 1372/23 දරන අති විශේෂ ගැසට් පත්‍රය මගින් 2004.01.01 දින සිට බලපැවැත්වෙන පරිදි ක්‍රියාත්මක කරන ලද රාජ්‍ය සේවාව රාජ්‍ය කළමනාකරණ සහකාර සේවය ලෙස හැදින්විය හැකිය.  

  • 1969.02.09 වන දින සිට ක්‍රියාත්මක වූ සරප් සේවය 
  • 1971.01.01 වන දින සිට ක්‍රියාත්මක වූ සාමාන්‍ය ලිපිකාර සේවය
  • 1972.05.19 වන දින සිට ක්‍රියාත්මක වූ ලඝු ලේකඛ සේවය
  • 1972.05.19 වන දින සිට ක්‍රියාත්මක වූ රජයේ යතුරු ලේකඛ සේවය
  • 1975.04.01 වන දින සිට ක්‍රියාත්මක වූ රජයේ පොත් තබන්නා සේවය
  • 1984.02.01 වන දින සිට ක්‍රියාත්මක වූ රජයේ ගබඩා භාරකාර සේවය


සැ : යු :-  2004.12.24 දින නිකුත් කරන ලද අංක 1372/23 දරන අති විශේෂ ගැසට් පත්‍රය ඩවුන්ලෝඩ් කිරීම සඳහා අදාළ LINK එක මත CLICK කල පසු විවෘත වන වෙබ් පිටුවේ දකුණු පස ඉහල කෙලවරේ ඇති SKIP AD මත CLICK කල යුතුය.


  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

2 comments:

Harshana Samaranayake said...

මම මේ exam එකට register වුනා. එත් කවදද exam eka තියෙන්නේ?

M B Ajith Nilmina said...

මේ බ්ලොග් එක දිගටම Maintaine කරනවා නම් හොඳයි. එක ලිපියකට, දෙකකට බ්ලොග් එක සීමා කරන්න එපා.

Post a Comment